LIVE
අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වනවිට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අංක 1038 දුම්රිය පීලි ගත කර දුම්රිය මාර්ගය මේ වනවිට දුම්රිය ධාවනයට සුදුසු තත්වයට පත්කර ඇත.
හෙට (06) දින උදෑසන සාමාන්‍ය ධාවන කාල සටහනට අනුව ගම්පොල සහ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රිය සහ නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය ධාවනය කරයි.
තවද, කොළඹ කොටුව සිට ගම්පොළ දක්වා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

