අවුරුදු පහකට බලය ලබාගත් නිරාගමික ගෝත්‍රිකයින් පිරිසකට වසර 2300ක් පුරාවට මෙරට තුළ පැවති ශාසනික ඉතිහාසය වෙනස් කිරීමට ඉඩ නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවර ඉවත් කර සිරගත කිරීම තුළින් මාලිමා ආණ්ඩුවේ අවසානය ආරම්භ වූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,
“වැරදිලා අවුරුදු පහකට බලය ගත්ත නිරාගමික ගෝත්‍රිකයෝ පිරිසකට වසර 2300ක් පුරාවට මේ රටේ තියෙන ශාසනික ඉතිහාසය වෙනස් කරන්න අපිට ඉඩ දෙන්න බෑ.
පරගැති නිරාගමික ආණ්ඩුවට පුළුවන් වුණාට අපේ ඥානාසාර හාමුදුරුවන්ගේ සිවුර උදුරගන්න උන්වහන්සේගේ භික්ෂූත්වය උදුරගන්න හැකියාවක් නෑ. අද අධිකරණයට උන්වහන්සේ වැඩම කළාට උන්වහන්සේට සිවුරක් නොතිබුණත් නීතිඥයොත්, ඇවිල්ලා සිටි අයත් උන්වහන්සේට පරණ පුරුදු විදිහටම නමස්කාර කළා.
මේක අපි ඉතාම වගකීමෙන් කියනවා මාලිමා ආණ්ඩුව උන්වහන්සේගේ සිවුර ගලවලා ගිහි ඇඳුම් අන්දවලා අධිකරණයට ගෙන ඒම නීති විරෝධියි, ව්‍යවස්ථා විරෝධියි, ශාසනික විරෝධියි. මේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.
භික්ෂූන් වහන්සේගේ චීවරය ගලවන්න නම් උන්වහන්සේ පාරාජිකා වෙන්න ඕනි. විශේෂයෙන්ම ඒ ශාසනික සම්ප්‍රදායට ගරුකරලා තමයි හාමුදුරුවන්ට මීට කලිනුත් උන්වහන්සේම ප්‍රකාශ කරපු පරිදි උන්වහන්සේට මීට කලිනුත් නඩු තිබිලා තියෙනවා.
කවදාක්වත් සිවුරු ගලවලා ගිහි වෙස් ගන්වලා හාමුදුරුවන්ව අධිකරණයට ගෙනැල්ලා නෑ. මොකද ඒ ශාසනික සම්ප්‍රදායට ශාසනික සම්ප්‍රදාය විතරක් නෙවෙයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග 550 ඉතා පැහැදිලිව කියනවා යම් වැරදිකරුවෙකු කරනු ලැබූ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරද්දී ඔහුගේ සාමාන්‍ය ඇඳුමෙන් අධිකරණයට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතුයි කියලා.
ඒ නිසා තමයි අපි කිව්වේ මේක නීති විරෝධියි, ව්‍යවස්ථා විරෝධියි, ශාසනික විරෝධියි. හැබැයි අපි මාලිමා ආණ්ඩුවට කියනවා වැඩේ වරද්ද ගත්තා. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය තමයි ඊයේ සිද්ධ වුණේ කියලා අපි බය නැතිව කියනවා.
නලින්ද ජයතිස්ස වගේ කාල් මාර්ක්ස්ගේ පොත් කියෙව්වට බණ පොතක් කියවලා නැති අයට ඒ වගේ කතා කියන්න පුළුවන්.”
