මෝටර් රථ මිල ගණන් දේශීය වෙළෙදපොළ තුළ රුපියල් ලක්ෂ 3 සිට 10 දක්වා වූ සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කරයි.
වසර 5ක කාලයක් පුරා පැවති වාහන ආනයන සීමා කිරීම් හමුවේ නිර්මාණය වූ හිඩැස පියවීමට පසුගිය සමයේ විශාල වශයෙන් වාහන මෙරටට ගෙන්වීම සහ පසුව පැනවූ අධිභාර හේතුවෙන් වෙළෙඳපොළ තුළ වාහන අතිරික්තයක් නිර්මාණය වී ඇති බව සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කරයි.
වැගන් ආර්, යාරිස්, රේස්, වෙසල් වැනි මෙරට ජනප්‍රිය මෝටර් රථ සහ වෑන් රථ රැසක් ආනයනික පිරිවැයටත් වඩා අඩු මුදලකට පාඩු ලබමින් අලෙවි කිරීමට වෙළෙන්දන්ට සිදුව ඇති බවත් එය වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට ඉතා වාසිදායක අවස්ථාවක් බවද සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කරයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මේ බව සඳහන් කරයි.
