Advertisements
Advertisements

රතුවේවි මිහිමඬල වෙනුවෙන් ආ අගමැති හරිනි

LIVE

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරගේ ජීවිත කථාව ඇසුරින් ලියැවුණු “රතුවේවි මිහිමඬල” ග්‍රන්ථය අද (28) දින එලිදැක්වීය.

කොළඹ පදනම් ආයතනයේදී පැවති ග්‍රන්ථය එලිදැක්වීමේ අවස්තාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

මෙම අවස්තාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

වාසුදේව නානායක්කාර කියන්නේ ශ්‍රී ලාංකික දේශපාලනයේ චරිතයක්. විශේෂයෙන්ම වාමාංශික දේශපාලනය තුළ මම හිතන්නේ, එහෙම චරිත බොහොමයක් හිටියා. ඒ ඉතිහාසය තමයි අපිට තියෙන්නේ.

ලාංකික දේශපාලනය තුළ වාමාංශික දේශපාලනය බලපෑමක් තිබ්බ අපේ රට අද මේ තැනට ගේන්න. ඉතින් ඒ ගමනේ චරිතයක් හැටියට තමයි මම වාසුදේව නානායක්කාර මහත්තයා දකින්නේ.”

අපි එකඟ වෙච්ච තැන් තිබ්බා. එකඟ නොවිච්ච තැන් තිබ්බා. දේශපාලනිකව අපි වෙනස් වුණු තැන් තිබ්බා. හැබැයි ඒ චරිතයට සහ වාමාංශික දේශපාලනයට ඔහු කරපු සේවයට හැමදාම ගරුත්වයක් තිබ්බා.”

0 Comments
Most Voted
Newest Oldest