වැස්ස වැඩිවෙයි.. ගංවතුර අවදානමක්

LIVE

පවතින වර්ෂාපතනය සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

එනිසා අද (15) දිනයේත් සැලකිය යුතු වර්ෂාපතනයක් ඇඳහැළුනහොත් අත්තනගලු ඔය සහ කළු ගඟේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

මේ වනවිට අත්තනගලු ඔයේ සහ කළු ගඟේ මිල්ලකන්ද සහ ඇළගාව ස්ථානවල ජල මට්ටම් ඉහළම අගයක පවතින බවත් කැලණි ගඟ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ නොගියද ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

නිල්වලා, ගිං, කැලණි, කළු, අත්තනගලු සහ බෙන්තර මෙම සියලු ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම මේ වනවිට යම්තාක් දුරට ඉහළ ගොස් ඇති බවද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

ඉදිරි කාලගුණික තත්ත්වය අනුව ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් අදාළ ගංගාවල පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව විමසිල්ලෙන් සහ අවධානයෙන් පසුවන ලෙසද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර ඉල්ලා සිටියි.

3 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?