LIVE
By unusuma.lk on [last-modified] (LK time)
මාලිමා මන්ත්‍රීවරයෙක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදමින් සිටි ස්වාධීන මන්ත්‍රීවරියකගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..
“සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා. ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.
මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා. ඒ ගැන වීඩියෝ පවා තියෙනවා. අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ”





