අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට (12) වන සඳුදා දින උදෑසන 9.00 සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරයි.
එළඹෙන (12) වැනිදා ආරම්භ කරන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා තුරු අනිවාර්යයෙන්ම සිදුකරන බවද විමල් වීරවංශ සඳහන් කරයි.
එනිසා මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවද විමල් වීරවංශ සඳහන් කරයි.
දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්‍රතිසංස්කරණ මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වාදී ඇති බවද විමල් වීරවංශ සඳහන් කරයි.
පාසැල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන් සිදු කළ යුතු බවද විමල් වීරවංශ සඳහන් කරයි.
අසභ්‍ය වෙබ් අඩවි සහ අසභ්‍ය you tube නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බවද විමල් වීරවංශ සඳහන් කරයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

