හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශට අද (10) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් විදෙස් ගමන් තහනමක් පැනවීය.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන 40 ක් අවභාවිත කරමින්, රජයට රුපියල් මිලියන 09 ක් පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සැකකරුවෙකු ලෙස නම් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
