ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
මර්දනකාරී නීති සහ අණපනත් උපයෝගී කරගනිමින් රට පාලනය කිරීමට වත්මන් රජය කිසිසේත්ම සූදානම් නොමැති බවත් ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ මෙම පනත මුළුමනින්ම අහෝසි කර දැමීමට කටයුතු කරන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
අධිකරණ අමාත්‍යවරයාද දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි, මෙම පනත අහෝසි කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ සියලුම මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
රටේ ජනතාව ලබාදී ඇති ශක්තිමත් මහජන බලය මත විශ්වාසය තබමින්, ඉදිරි කෙටි කාලය ඇතුළත මෙම පනත අහෝසි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
