වසර 10ක් දක්වා විහිදෙන සුවිශේෂී බදු සහන මාලාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන දිරිගැන්වීම සඳහා මෙම සුවිශේෂී බදු සහන මාලාව ලබාදීමට රජය තීරණය කර ඇත.
යටිතල පහසුකම්, සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ තාක්ෂණ ඇතුළු ප්‍රධාන අංශ හරහා මහා පරිමාණ ආයෝජන සදහා බදු සහන ලබා දෙමින්, ශ්‍රී ලංකාව නව උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියාමන රාමුවක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

