අනුරාධපුර වෛද්‍යවරියගේ ලිංගික අපයෝජන සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විමසීම අවසන්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක සිය නිල නිවස තුළදී බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද්ධ හමුදා සෙබළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව වින්දිත වෛද්‍යවරියගේ සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමට නියෝග කළේය.

අදාළ නඩුව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කළේය.

ඒ අනුව, වින්දිත වෛද්‍යවරියගෙන් සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය එළැඹෙන නොවැම්බර් මස (11) දින යළි විභාගයට ගැනීමට තීන්දු කරමින් එදින සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ 4 වන සාක්ෂිකරුට නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest