පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන්, ප්‍රහාරයට සෘජුව දායක වූවන් සහ මෙහි පසුපස සිටින මහ මොළකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ කටයුතු රජය විසින් වේගවත් කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එම ප්‍රහාරයට අදාළ පුද්ගලයන් විටින් විට අත්අඩංගුවට ගනිමින් සාක්ෂි සටහන් කරගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඇතැම් පුද්ගලයන් විදේශගතව සිටින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
