එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත් කර ඇත.
එම වාර්තාවට අනුව ගෝලීය උෂ්ණත්වය මින් පෙර ඇස්තමේන්තු කළ අගයට වඩා ඉදිරියේදී විශාල අගයකින් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
ගෝලීය උෂ්ණත්වය කාර්මික විප්ලවයට පෙර පැවති අගයට වඩා මෙම සියවස මැද භාගය වන විට සෙල්සියස් අංශක 1යි දශම 7 සිට 1යි දශම 8 දක්වා ප්රමාණයකින් ඉහළ යා හැකි බව එම සංවිධානය සඳහන් කරයි.
පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැවීම සහ හරිතාගාර වායු විමෝචනය උපරිමයෙන් අවම කිරීම යන පියවර අනුගමනය කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
ගෝලීය උණුසුම පාලනය කිරීමට නම් 2030 වසරේදී හරිතාගාර වායු විමෝචනය 18%ක ප්රතිශතයකින් අඩු කළ යුතු අතර 2035 වසර වනවිට එම අගය 45%ක් දක්වා සහ 2040 වසර වනවිට 69%ක ප්රතිශතයක් දක්වා එය ඉහළ නැංවිය යුතු බවද සඳහන් කරයි.
