මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහත්වරුන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පොලීසිය පැවසීය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ජාලිය සේනරත්න, මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අසෝක ධර්මසේන සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහත්වරු සහභාගි වෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය විය.
