මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තවදුරටත් ඉහළ යාම හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් රජයේ සියලුම පාසල් පැවැත්වීම සීමාකිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
නියමිත පරිදි පාසල් වාර අවසන් කිරීමට ඇත්තේ එළඹෙන අප්‍රේල් මස (10) වන දින බවත් එතෙක් සතියේ බදාදා දිනයන්වල පමණක් සියලුම පාසල් නොපැවැත්වීමට තීරණය කළ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ඇතිව තිබූ අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට සහ දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් දුරට පාසල් දින 4ක්, සතිය පුරා පැවැත්වීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
