අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ නමින් විරෝධතා ආරම්භ කර ඇති අතර එම විරෝධතා සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්වී ඇත.
මේ වනවිට අමෙරිකාව පුරා ස්ථාන 3000ක විරෝධතා ආරම්භ කර ඇති බවත් මෙම විරෝධතාව අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම විරෝධතාව ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇතැම් නගරවල වීදි දිගේ දැවැන්ත පෙළපාලි පැවැත්වෙන අතර තවත් ස්ථානවල ගායනා, නර්ථන සහ දේශනවලට සවන් දීමට ලක්ෂ ගණනක ජනකායක් රැස්වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඉහළ ජීවන වියදම සහ ඉරානය සමඟ ආරම්භ කර ඇති යුද්ධයට එරෙහිව මෙලෙස විරෝධතා වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙමින් සිටියි.
විරෝධතාකරුවන් සඳහන් කළේ, ‘ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ ඒකාධිපතියෙකු ලෙස අපව පාලනය කිරීමටයි. නමුත් මේ ඇමරිකාව, බලය අයිති ජනතාවටයි. රජවරුන් වීමට හෝ ඔවුන්ගේ බිලියනපති හිතවතුන් වීමට නොවේ.” යනුවෙන්ය.

