බලශක්ති අර්බුදය හේතුවෙන් රටට සහ ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සදහා සියලුම අමාත්‍යවරුන්ගේ ඉන්ධන කෝටාව අඩුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.
අමාත්‍යවරුන්ගේ මෙම තීරණයට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන්ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරගෙන ඇති බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.

