පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දේශීයව ඇසුරුම් කළ හෝ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම අංක 96 දරන අති විශේෂ ගැසට් නිවේදනය (ගැසට් අංක: 2492/29) අද (10) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.
ඒ අනුව, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම කිසිදු නිෂ්පාදකයෙකුට, ඇසුරුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
මි. ලීටර 500 සිට 999 දක්වා උපරිම සිල්ලර මිල රුපියල් 80කි.
ලීටර 1 සිට 1.499 දක්වා උපරිම සිල්ලර මිල රුපියල් 120කි.
ලීටර 1.5 සිට 1.999 දක්වා උපරිම සිල්ලර මිල රුපියල් 150කි.
ලීටර 2 සිට 2.499 දක්වා උපරිම සිල්ලර මිල රුපියල් 180කි.
ලීටර 5 සිට 6.999 දක්වා උපරිම සිල්ලර මිල රුපියල් 400කි.
