ආරක්ෂාව, බලශක්තිය, ආර්ථිකය අතින් ගත්කල තමන්ට වඩා ශක්තිමත් සම්බන්ධතාවක් අවශ්‍ය වන්නේ යුරෝපය සමග බව බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සඳහන් කරයි.
ඉරානයට එරෙහි යුද්ධය තමන්ගේ යුද්ධයක් නොවන බවත් තමන් යුද්ධයට කිසිසේත් සම්බන්ධ නොවන බවද බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය නේටෝවට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් එය ලෝකයේ මෙතෙක් දැක ඇති එකම ඵලදායී මිලිටරි සන්ධානය බවද බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සඳහන් කරයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘Truth’ සමාජ ගිණුමේ සටහනක් තබමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් මේ බව සඳහන් කරයි.
“මා සහ අනෙක් අය මත කුමන පීඩනයක් එල්ල වුවත්, කුමන හඬක් නැඟුවත් මා තීරණ ගන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට. මම කියන්නේ මේක අපේ යුද්ධයක් නෙවෙයි කියලා. අපි ඒකට යන්නේ නෑ.”

