ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරානය මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇත.
දකුණු ඉරානයේදී බිම හෙළු ‘F-15’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකුට දිවි බේරා ගැනීමට හැකිවිය.
කෙසේ වෙතත් මේ වනවිට අතුරුදන් නියමුවාට කුමක් සිදුවී ඇත්දැයි මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේදී අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම හෙලා ඇත.
එම ප්‍රහාරය එල්ල වනවාත් සමග ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති අතර ඔහු සොයා ඉරාන හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

