ලංකාවේ ආර්ථිකය අඩපණ වී ඇති බව පෙන්වීමට වසා දැමූ ඉන්ධන පිරවුම්හල් වල පැරණි ඡායාරූප යොදාගනිමින් විදේශීය මාධ්‍ය ආයතන දෙකක් රටට එරෙහිව වැරදි මතයක් ගොඩනැගීමට උත්සාහ කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
විදේශීය මාධ්‍ය වන අල් ජසීරා (Al Jazeera) සහ ඒඑෆ්පී (AFP) වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙලෙස කරුණු මත පදනම් නොවී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
ලංකාවේ ආර්ථිකය 5.2%ක වර්ධනයක් අත්කර ගනිමින් පවතින මොහොතක මෙලෙස සෘණාත්මක චිත්‍රයක් මවන්නට උත්සාහ කරන්නේ කාගේ උවමනාවකට දැයි අමාත්‍ය බිමල් රත්නායක ප්‍රශ්න කරයි.
සමහර විට පැරණි පාලකයන් නැවත බලයට ගෙන ඒමේ අභිලාෂයක් කිසිවකු තුළ පැවතිය හැකි වුවද රාජපක්ෂ සහ රනිල්ගේ නැවත පාලනයන් ඇති වීමට ජනතාව ඉඩ නොදෙන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“ලංකාවේ ආර්ථිකය 5.2%කින් වර්ධනය වෙද්දි, ඉතාම නෙගටිව් පින්තූර කරුණු මත පදනම් නොවී ඇයි කියන්නේ කියලා. කාගේ උවමනාවද ඉටු කරන්නේ.? සමහරවිට පරණ පාලකයා ගේන්න මොනවාහරි ආසාවක් තියනවාද දන්නෑ.
ඒවා වෙන්නෑ මේ රටේ. මේ රටේ ජනතාව අපිට වඩා හොද ආණ්ඩුවක් මිසක් අපිට වඩා නරක ආණ්ඩුවක් ගේන්නෑ. ඒක මතක තියාගන්න. ආය රාජපක්ෂලා රනිල්ලා එන්නෑ.. ඒවා ඉවරයි.”

