Advertisements

නාමල්ට කරපු අපරාධ මතක් වෙයි.. අත්අඩංගුවට ගන්න කලින් බයවෙයි

LIVE

නාමල් රාජපක්ෂට කරපු අපරාධ මතක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කරපු සියලුම දේවල් CIDය, FCIDය හෝ අල්ලස් කොමිසම තවමත් අනාවරණය කරගෙන නොමැතියි කියා තමන් හිතන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

කොහොමත් නාමල් දන්නවා, නාමල් කරේ මොකක්ද කියලා. තවම CIDය, FCIDය හෝ අල්ලස් කොමිසම මම හිතන්නේ නාමල් කරපු ඔක්කෝම දේවල් අනාවරණය කරගෙන නැතුව ඇති.

ඕනෑම වරදක් කරපු කෙනෙක් දන්නවා තමන් කොතරම් ප්‍රමාණයකට, ගැඹුරකට, විශාලව ඒ වරද සිදුකරලා තිබෙනවාද කියන එක. අපරාධ පරීක්ෂකයන්ගේ කාර්යභාරය තමයි සාක්ෂි මත පදනම් වෙලා අපරාධ නිරාවරණය කරගන්න එක.

තමන් කරපු අපරාධ ගැන දන්න කෙනෙක්, තමන් අද හෙට අත්අඩංගුවට ගනීවි. හෙට අත්අඩංගුවට ගනීවි කියලා බය වෙලා ඉන්න එක සාධාරණයි. ඒගොල්ලන්ට තිබෙන්නේ කලින් ඒ රැළිය පවත්වන එක.

ඒගොල්ලෝ හරියටම දන්නවා නම් එදාට නීතිය ක්‍රියාත්මක වී, අත්අඩංගුවට ගනී කියලා. කලින් රැස්වීම තිබ්බා නම් හරි. වැරදි කරා නම් දඩුවම් ලැබෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. පළායන්නේ නැතුව නීතියට මුහුණ දෙන්න.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest