අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 399කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 475කි.
ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

