ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය” ජනතා වැඩසටහන මඟින් නවීකරණය කල පොළොන්නරුව දුම්රිය ස්ථානය යලි ජනතා පරිහරණයට පවරා දීම අද (03) දින සිදු කළේය.
අද දිනයේ ජනතා පරිහරණයට පත් කල පොළොන්නරුව දුම්රිය ස්ථානය අරලිය සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 35 ක මුදලක දායකත්වයෙන් නවීකරණය කර ඇත.
ඒ යටතේ විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය, පුරුෂ සහ කාන්තා විවේකාගාර ආදී පහසුකම් පැරණි ගොඩනැගිල්ල නවීකරණය කිරීමෙන් පසු ගොඩනගා ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, පෞද්ගලික ව්‍යවසායකත්ව සේවා හා මූල්‍ය දායකත්වයෙන්, සිහින ගමනාන්තය දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජනතා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.



