සියලුම සුරාසල් වසයි

දිවයින පුරා සියලුම සුරා­සල් වසා තැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එළඹෙන සිංහල හා හින්දු අලුත් අවු­රුදු යෙදෙන ලබන (13) සහ (14) දෙදින සිය­ලුම සුරා­සල් වසා දමන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න සඳහන් කරයි.

කිසි­යම් බල­ප­ත්‍ර­ලා­භි­යකු සුරා­බදු නීතිය කඩ කර­මින් අදාළ දෙදින මත්පැන් අලෙවි කර හසු­වුව හොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න සඳහන් කරයි.

මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත 1913 දුරකථනය අංකයට දැනුම්දිය හැකිය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments