කොටුව දුම්රිය ස්ථානය අලුත් වෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණය කිරීමේ කටයුතු හෙට (09) දින ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු සිදුකරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නවීකරණ කටයුතු වෙනුවෙන් ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් බිලියන 2.1කට අධික වන අතර නවීකරණ කටයුතු මාස 15ක් තුළ අවසන් කිරීමට සැළසුම් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments