ඉදිරියේදී නියං කාලයක්.. කාලගුණයෙන් අනතුරු අඟවයි

මේ දිනවල පවතින උණුසුම් තත්ත්වය අප්‍රේල් මාසය පුරාවට අඩු වැඩි වෙවී පවතින බවත් එය ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කරයි.

තවද නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බවත් එනිසා පානීය ජලය සහ සියලු වාරිමාර්ග කටයුතුවල ජල කළමනාකරණය සිදුකළ යුතු බවද අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කරයි.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කළේ,

“අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින උණුසුම් තත්ත්වය මේ මාසය පුරාවටමත් අඩු වැඩි වෙවි ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතී කියලා. 20න් විතර පස්සේ නිරිත දිග මෝසම පටන් ගන්නවා.

නිරිත දිග මෝසම පටන් ගන්නකොට මේ උණුසුම ටිකක් අඩු වෙනවා. ඒත් දැනට මේ දැනෙන දැඩි අපහසුකාරි තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 3 වෙනි සතියෙන් විතර පස්සේ ගොඩාක් දුරට පහවෙලා යාවී. 

ඒත් එක්කම මේ නිරිත දිග මෝසමේදී එල්-නිනෝ තත්ත්වයක් ආවොත් ජූනි, ජූලි, අගොස්තු වැස්ස අඩු වෙනවා සැප්තැම්බර් දක්වාම. නියං කාලයක් ඒවී.

ඒ නිසා හැම අංශයෙන්ම පානීය ජලය, සියලුම විදියට වාරි මාර්ග කටයුතුවලට ජලය කළමනාකරණය කරන්න සිදුවෙයි. විශේෂයෙන් ඉදිරියේ දී ඒ ගැන අවදානය යොමු කරන්න වේවි.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments