Advertisements

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2025 (2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව 2026 අප්‍රේල් (22) වනදා සිට මැයි (04) දින දක්වා සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞන්දර්ය විෂයන් වල අවසාන ප්‍රතිඵල නියම කිරීම සඳහා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකම අනිවාර්ය වන බැවින් එම කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට අදාළ විෂයේ ප්‍රතිඵල ලබා නොදෙන බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අපේක්ෂකයින් 162,587 දෙනෙකු සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,198කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest