LIVE
ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ හතක් පරිත්‍යාග කර ඇත.
ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස මෙම පත්ල පහත් බස් රථ හතක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
මෙරටට ප්‍රදානය කරන ලද නව බස්රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් බාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (HE Akio Isomata) අතින් සිදුකෙරුණි.


