කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදු කරන මැයි (30) වෙනිදාට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බවද කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තිය යටතේ වන විධිවිධාන පරිදි 1996.10.14 දිනැති අංක 954/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති ව්‍යවස්ථාපිත නිවාඩු සංඛ්‍යාව අටක් වන බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කරයි.
ජනවාරි (15) බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි (04) බදාදා නිදහස් සමරු දිනය (ජාතික දිනය)
අප්‍රේල් (13) සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් (14) අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි (01) සිකුරාදා – ලෝක කම්කරු දිනය
මැයි (02) සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
අගෝස්තු (26) බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
දෙසැම්බර් (25) සිකුරාදා – නත්තල් උත්සව දිනය

