මෙරට මහජනතාවගේ ප්‍රධානතම සාම්ප්‍රදායික උත්සවයක් වන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
උත්සව සමය තුළ ජනතාවට සුරක්‍ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙයි.
මෙම ඒකාබද්ධ වැඩ පිළිවෙළ මඟින් අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංර්දර්ශන සහ ආගමික වැඩසටහන් වලදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරනු ලබයි.
මේ සඳහා, කොළඹ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර, එය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමග පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැක.

සියලුම ආරක්ෂක ආයතන අතර සමීප සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඕනෑම හදිසි හෝ ආරක්‍ෂක තත්ත්වයකදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මධ්‍යස්ථානය හරහා පහසුකම් සපයනු ලබයි.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ සියලු ජනතාව වෙත සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්‍ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

