පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය නිදැල්ලේ සිටීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සඳහන් කරයි.
මන්ත්‍රී මුජිබුර් රහුමාන් සඳහන් කළේ,
“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සමාජයේ විවිධ මත ඇතිවුණා. සහරාන්ගේ ප්‍රහාරය නිසා මුස්ලිම් සමාජයේ ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එකතු වුණා. ඒ නිසාම මේ පරීක්ෂණ ඉදිරියට යනවිට නොයෙක් කරුණු හෙළි වුණා.
එවැනි ප්‍රහාරයකට උදව් කරන්න කිසියම් කණ්ඩායමක් සිටියා ද කියා සොයා බැලිය යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි වී තිබෙනවා.
සහරාන්ට උඩින් කෙනෙක් සිටියා කියා තිබෙනවා. එවකට නීතිපතිවරයා කිවුවේ මෙය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බවයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ විශාල පිරිසක් සාක්ෂි ලබාදී තිබෙනවා.
සහාරන් මෙහෙයවූ කණ්ඩායමක් ඉන්න පුළුවන්. ඒ කණ්ඩායමත් සොයා බැලිය යුතු වෙනවා. ඔවුන් නිදැල්ලේ සිටීම මේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවේ මහ මොළකරු ප්‍රකාශ කරනවා කියලයි.”

