තෙල් මිලේ වෙනසක් ගැන ඇමති කියයි

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ වුවද ලංකාවේ තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් සමඟ තෙල් මිලේ යම් ඉහළ යෑමක් සිදුවිය හැකි බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එහෙත් සමස්ත මිල ඉහළ දැමීමක් නොව එයින් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය මඟින් දරාගන්නා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඉහළ දැමු තෙල් මිල ගණන් පවතින යුදමය තත්ත්වය පහව ගිය පසු හැකි ඉක්මනින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments