රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (20) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් (10) වනදායින් අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් (19) වනදා දක්වා නිවාඩු ලබාදී තිබුණි.
ඒ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි (24) වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.

