විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්

අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන (27) වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව Online ඔස්සේ අයැදුම්පත් භාර ගන්නා බව එහි උප සභාපති මාහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කරයි.

සති තුනක කාලයක් ඒ සඳහා අයදුම්කරුවන්ට අවස්ථාව ලබාදෙන බවත් විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමේ උපදෙස් ඇතුළත් අත්පොත ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බවද සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments