ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2025 වසරේ වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.
ඒ අනූව 2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඩොලර් 5,003ක් වන අතර 2024 වසරේදී ඩොලර් 4,546ක් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වසරක් තුළ, අමෙරිකානු ඩොලර් 457කින් ඉහළ ගොස් ඇත.
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය යනු රටක සමස්ත නිෂ්පාදන සහ සේවාවල මුළු වටිනාකම, රටේ ජනගහනයෙන් බෙදූ විට ලැබෙන අගය වන අතර එය රටක ආර්ථික ශක්තිය සහ නිෂ්පාදන හැකියාව තක්සේරු කිරීමට භාවිත කරන මිනුම් දණ්ඩකි.


