අද (29) දින පස්වරුවේ හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේ බටල්ගල වත්ත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.
අනතුරට ලක්වූ බස් රථය, තවත් බස් රථයකට ඉඩදීමට යෑමේදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් එක් අයෙක් මියගොස් ඇති අතර තුවාල ලැබූ 20 දෙනෙකු පමණ දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වේ.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ පාසල් සිසුන් ඇතුළු 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.

