වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
වියට්නාම ජනාධිපති ටෝ ලම් හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත.
වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාර කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
