Advertisements

දෙහිවල උපත ලැබූ සිංහ පැටවු මහජන ප්‍රදර්ශනයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නිබෝ සහ පෙනී සිංහ යුවලට දාව 2025 දෙසැම්බර් (24) වෙනිදා උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂගේ උපදෙස් මත මහජන ප්‍රදර්ශනය යොමු කර ඇත.

මෙම සිංහ පැටවුන් දෙදෙනා පිරිමි සහ ගැහැණු සතුන් වන අතර ⁣මෙම සිංහ පැටවුන් දෙදෙනා කිරි බීම සහ මාංශ ආහාරයට ගැනීම සිදු කරන බව සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කරයි.

දිනපතා පෙරවරු 10.00 සිට 11.30 දක්වා සත්තු උද්‍යාන බලධාරීන් විසින් සකස් කරන ලද විශේෂ ස්ථානයක මෙම සිංහ පැටවුන් දෙදෙනා නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ මෙම පැටවුන් දෙදෙනාත් සමග සිංහයන් 08 දෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමු කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest