ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පසුගිය (08) දින පොලීසිය විසින් සොයාගත්තේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන වලදී කපිල චන්ද්‍රසේන ගෙල වැලලා ගැනීමට යොදාගත් බව කියන පටිය, ඔහුගේ නිවසේ තිබී සේවකයෙකු මගින් ගෙන්වා ගෙන ඇතැයි අනාවරණය වී ඇත.
කපිල චන්ද්‍රසේනගේ සැක සහිත මරණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුලු 15 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කපිල චන්ද්‍රසේන ඊට පෙර දින නීතිඥවරුන් සමග සාකච්ඡාවක නිරත වී ඇති බවටද අනාවරණ වී ඇතැයි, පොලීසිය සඳහන් කරයි.
ඔහුගේ මළ සිරුර සොයාගත් කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවස ආශ්‍රිත ආරක්ෂිත කැමරා පරීක්ෂාව තවදුරටත් සිදුවෙමින් ඇති බවද පොලීසිය සඳහන් කරයි.
