Advertisements

රනිල් ජනාධිපති.. සජිත් අගමැති

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලනයට ගෙනාපු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත් සජිත් ප්‍රේමදාස අදටත් රනිල් වික්‍රමසිංහට “සර්” කියලා කතා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කරයි.

එනිසා සජිත් ප්‍රේමදාස විසින් රනිල් ජනාධිපති, මම අගමැති කීව ගමන් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එකතු වෙන බවද අජිත් මාන්නප්පෙරුම සඳහන් කරයි.

අජිත් මාන්නප්පෙරුම තවදුරටත් සඳහන් කළේ,

“සජිත් මහත්තයා කියනවනේ තනියම එකතු වෙනවා කියලා. දැන් ඔක්කොම හරි කියනවනේ. එක දෙයයි කියන්න තියෙන්නේ එකතු වෙන්න. රනිල් ජනාධිපති, මම අගමැති කීව ගමන් දෙකම එකතු වෙනවා.

සජිත් මහත්තයා ‘සර්’ කියපු මිනිහනේ රනිල්. සජිත් මහත්තයා දේශපාලනයට ගෙනාපු මිනිහනේ රනිල්. එහෙනම් කියන්න බැරි මොකද, රනිල් ජනාධිපති, මම අගමැති කියලා. අන්න නිකන්ම පක්ෂ දෙක එකතුයි.

මට කමිටු ඕන්නෑ, මට කවුරුත් ඕන්නෑ, දැන් එකතු වෙලා ඉවරයි කියනවා නම් ඒ ප්‍රකාශය කරන්නකෝ. සජිත් මහත්තයා රනිල්ට ‘සර්’ කියලා කතා කරන කෙනා. රනිල් මහත්තයා ජනාධිපති වෙලා හිටපු කෙනා.

ඉතින් ප්‍රකාශයක් දුන්නා නම් තනියම, ආයේ කමිටු ඕන නෑ. රනිල් ජනපති මම අගමැති. අපි එකතු වෙනවා කීවනම් මුළු ඔක්කොම එකතු වෙනවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
11 Comments
Most Voted
Newest Oldest