මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගි වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියේය.


