LIVE
පසුගියදා නේපාලයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයින් පිරිසකගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සොයාගෙන ඇත.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවල පාවෙමින් තිබියදී සිරුරු 7ක් හමුවී ඇත.
මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් හඳුනා නොගත් සිරුරු 4ක් සහ ඊට කිලෝමීටර 70ක් පමණ පහළින් පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයාගත් බව ඉන්දීය පොලිසිය සඳහන් කරයි.
නේපාලයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බව, මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
