LIVE
නේපාලයේ සිදුවූ අනපේක්ෂිත ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 626ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය සඳහන් කරයි.
මෙම හදිසි ව්‍යසනයත් සමග අවම වශයෙන් පුද්ගලයින් 2,000ක පමණ පිරිසක් තවමත් අතුරුදහන් බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහාය ලබා නොගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට නේපාල රජය තීරණය කර ඇත.
ගලවාගැනීමේ කටයුතු සඳහා විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහාය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
එහෙත් අතුරුදහන් වූ පිරිස අතර විදේශිකයන් සිටීම හේතුවෙන් අදාළ රටවලින් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණය වෙනස් කිරීමට නේපාල රජයට සිදුව ඇත.
