Advertisements
Advertisements

ලඟදීම පාර්ලිමේන්තුවට එන අලුත් පනත.. සියලුම බලය ලබාදෙයි

LIVE

අලුත් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටු වීමට කටයුතු කරන බවත් මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නව අධිකාරියක් පිහිටුවන බවත් අනතුරුව පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එම අධිකාරියට සියලු බලය ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහිතව මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න කටයුතු කරන බවත් මධ්‍ය කඳුකරය පැවති තත්ත්වයට පත්වෙන්න දශන ගණනාවක් ගතවිය හැකි වුවත්, සිදුවන විනාශයන් නතර කිරීමට කෙසේ හෝ පියවර ගතයුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

අපේ රටේ අනාගතයේ වැදගත් කොටසක් ඔසවන්නේ මධ්‍ය කඳුකරය. අපේ වගකීම අපේ අනාගතයට මධ්‍ය පරිසරය සුරක්ෂිත කිරීම. මේ වැඩපිළිවෙළේදී නිවාස අහිමි වෙන්න පුළුවන්. වගාබිම් තිබෙන ප්‍රදේශ වනාන්තර වෙන්න පුළුවන්. නමුත් ඒක කරන්න ඕන.”

සිදුවෙමින් තිබෙන විනාශය නතර කළ යුතුයි. ඒ සඳහා දෙපාර්තමේන්තු, ආයතන, වගකීම් සහිත විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලු බලය ඒකාබද්ධ කරනවා.

අලුත් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක් පිහිටු වීමට කටයුතු කරනවා. මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා නව අධිකාරියක් පිහිටුවනවා. අධිකාරියට සියලු බලය ලබාදෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest