Advertisements
Advertisements

මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසට අනුමැතිය

LIVE

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3වන කොටසේ 2වන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කිලෝමීටර් 13+800 සිට කිලෝමීටර් 32+450 දක්වා දිවෙන මෙම කොටස සඳහා රජය විසින් පූර්ණ දේශීය අරමුදල් සපයනු ලබන අතර සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 112ක් ලෙස සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය කොන්ත්‍රාත් පැකේජ 07ක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ලංසු කැඳවා තිබූ අතර ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

0 Comments
Most Voted
Newest Oldest