Advertisements

පොලීසියේ හැකියාවන් ජාත්‍යන්තර ප්‍රමිතියට

ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීය හැකියාවන් තවදුරටත් ජාත්‍යන්තර ප්‍රමිතියට වර්ධනය කිරීමේ අරමුණින් වියට්නාමය පොලිස් ඇකඩමිය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට එළැඹී ඇත.

පසුගිය (08) වැනිදා පොලිස් මූලස්ථානයේදී මහජන ආරක්ෂාව සම්බන්ධව වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ආරක්ෂක සහයෝගීතාවයට සමගාමීව වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන පොලිස් ඇකඩමිය සහ ශ්‍රී ලංකා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණි.

වෘත්තීය පොලිස් පුහුණුව සහ අධ්‍යාපනය, පර්යේෂණ සහ ජාත්‍යන්තර දැනුම, විද්‍යාත්මක පර්යේෂණ සමබන්ධව ඉදිරියේදී දැනුම හුවමාරු කරගනිමින් දෙරටේ පොලිස් සේවය තවදුරටත් විධිමත්ව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිණුමේ අපේක්ෂාවයි.

වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන පොලිස් ඇකඩමියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ට්‍රාන් මින් හුං සහ ශ්‍රී ලංකා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල විසින් මෙම ගිවිසුම සඳහා අත්සන් තබන ලදි.

මෙම ප්‍රවේශය ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර සබඳතා, පර්යේෂණ හැකියාවන් සහ වෘත්තීය ප්‍රමිතීන් නව මට්ටමකට ගෙන යන සුවිශේෂී පියවරක් වේ.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest