Advertisements

පළමු ආපදා මරණය වාර්තා වෙයි

මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා මරණය මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තු දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (13) ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයෙන් මේ බව දැනුම් දී ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 17ක ජනතාව පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest