අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (13) ප්‍රකාශයක් කරයි.
අද (13) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කරයි.
“මේ සිද්ධියෙන් පස්සේ මුදල් අමාත්‍යාංශය එකක් ළඟින් කටයුතු කරනවා. කොහොමඳ මේ ක්‍රමටය ශක්තිමත් කරන්න පුළුවන්, අපේ තියෙන පලපුරුද්ද දැණුම පාවිව්චි කරලා මෙවැනි දෙයක් ඉදිරියට නොවීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”
“සරල උදාහරණයක් තමයි මගේ බැංකු ගිණුමෙන් අහවලාගේ ගිණුමට ගෙවන්න කියලා බැංකුවට නියෝගයක් දෙනකොට බැංකුවට තියෙන එකම දේ තමයි ගිණුම් අංකය හරිනම්, පද්ධතිය හරහා ගෙවීම් සිදුවෙනවා නම්. ගෙවීම් කරන එක.
එතනින් එහාට බැංකුවට අයිති නැහැ උපදෙස් වෙනස් කරන්න. අපිත් බංකුකරු විදිහට අපිට දීලා තියෙන උපදෙස් වෙනස් කිරීමට අයිතියක් නැහැ. ගෙවීම කරාට පස්සේ ගෙවීම සිදුවෙනවා.
එතකොට අනිත් පැත්තේන් ගෙවීම වුණාද නැද්ද කියන එක Statement බලන එක අපිට හැකියාවක් නැහැ. ඒක තියෙන්නේ ඔසේට්‍රේලියාවේ අදාළ ආයතනයටනම් ඒ Statement ලැබෙන්නේ ඕනේ.”
