අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත, ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම දියත් කර ඇති අතර අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි ලබා දෙමින් මෙම සැකකරු විසින් ඝාතනයට ආධාර අනුබල ලබාදී ඇති බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක්, පතරොම් ගැබ් (Magazines) 02ක් හමු වූ බව සඳහන් වේ.
